ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ගණනය කළ උද්ධමනය සියයට 2.1 ක් දක්වා වර්ධනය වී ඇතිබව වාර්තා වේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය අගෝස්තු මාසයේ දී ගණනය කළ උද්ධමනය සඳහන් වූයේ සියයට1.5 ක් ලෙසයි.
උද්දමන වාර්තා සඳහන් කරන්නේ, 2025 අගෝස්තු මාසයේ දී සියයට 2.9 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8 ක් දක්වා වැඩි වී තිබෙන අතර 2025 අගෝස්තු මාසයේ දී සියයට 0.4 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7 ක් දක්වා ද වැඩි වී තිබෙන බවයි.