උතුරු නැගෙනහිර ප්‍රශ්ණවලට ජනාධිපති ලඟ පිළිතුරු නෑ.

ජනාධිපති අනුර දිසනායක සමග පසුගිය 19 වනදා පැවති සාකච්චාව පිළිබඳව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානාක්‍යන් රාසමාණික්කම් අදහහස් දක්වයි . එම සාකච්චවේදී තම පාර්ශවය ඉදිරිපත්කළ කිසිම කරුණකට ජනාධිපතිවරයාගෙන් නිස්චිත පිළිතුරක් නොලැබුන බව ඔහු පවසයි. බවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උත්ගුරු නැගෙනහිර දේශපාලන විසඳුමක් අවශ්‍ය බව තමන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සාකච්චාවට ඇරයුම් ලද බවත් ඔහු පවසයි . එහෙත් බලමු, කරමු, හිතමු මිස කිසිදු ස්ථිර පිළිතුරක් නොලැබුන බවත් ඔහු සඳහන් කරයි .

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ සිට ඉන්දු ලංකා ගිවිසුම තෙක් දේශපාලන කරුණු ජනාධිපති වරයාට ඉදිරිපත් කළ මුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම හෝ දේශපාලන විසඳුමක් පිළිබඳව නිස්චිත අදහසක් ජනාධිපති අනුර දිසානායක පල නොකළ බව ඔහු පැවසීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට ප්‍රශ්ණය ගැන අවබෝධයක් ඇති බවද ඔහු පවසයි.