උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාවට පොලීසිය සීරුවෙන්

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සාප්පු සවාරිය යෙදෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇත.

විශේෂ වැටලීම් සහ විශේෂ රථවාහන රාජකාරි සඳහා ද, පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් නගර ආශ්‍රිතව යොදවා ඇති බවත්, රථවාහන මෙහෙයවීම මෙහෙය වීම සඳහාත් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහාත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

එමෙන්ම නගර වෙත පැමිණෙන ජනතාවගේ මුදල් පසුම්බි හා වටිනාකමින් යුතු භාණ්ඩ වල ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසද, ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් ඒ පිළිබඳව ද, පොලිසිය ජනතාව දැනුමත් කරයි.

උත්සව සමය නිමා වන තෙක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය බැඳී සිටින බවට වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව විසින් ප්‍රකාශ කරන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *