උඩරට මාර්ගයේ පීළි පැන්න දුම්රිය මතට පස් කන්දක් කඩාවැටේ .

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට නොදුරුව නගරාන්තර දුම්රිය පීළි පැනීමකට ලක්වූ නගරාන්නර දුම්රියේ මැදිරියක් මතට පස් කන්දක් කඩා වැටී ඇතිබව වාර්තා වේ.

එම හේතුවෙන් උඩරට මාර්ගයේ සියලුම දුම්රිය මෙහෙයුම් රඹුක්කන දුම්රිය ස්ථානයට පමණක් සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . අවදානම් තක්සේරුවකින් පසු හැකි ඉක්මනින් සාමාන්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනා බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි .