ඊසානදිග මෝසම් සක්‍රීයව පවතින බැවින් මෙම මාසයේ ශ්‍රී ලංකාවට වැසි ඇදහැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මාධ්‍යට පවසා අත්තේ දෙසැම්බර් දෙවැනි සතියේ සිට ශ්‍රී ලංකාවට වැසි ඇදහැළෙන බවත්, එම කාලය තුළ මෝසම වැසි වඩාත් ක්‍රියාකාරී වනු ඇති බවයි.
“ශ්‍රී ලංකාව දැනට මෝසම් කාලය තුළ පවතින අතර, එම නිසා දෙසැම්බර් දෙවන සතිය තුළ ඊසානදිග මෝසම් වැසි වඩාත් ක්‍රියාකාරී වනු ඇතැයි අපේක්ෂා කරනවා” ඔහු පවසයි.
උතුර සහ නැගෙනහිර පළාත් බොහෝදුරට වසර අවසානයේ වැටෙන ඊසානදිග මෝසම් වැසිවලින් ඇතිවිය හැකි බව ඔහු පවසයි . කෙසේවෙතත්, තවත් අඩු පීඩන පද්ධතියක් හෝ සුළි කුණාටුවක් වර්ධනය වීමේ ඉඩකඩ නැති බව ඔහු සඳහන් කරයි .