ඊශ්‍රායල් – හමාස් යුද්ධයට ”මැක්ඩොනල්ඩ්ස්” පැටලේ.

ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර පැන නැගී ඇති යුද්ධයට ඇමරිකාව කේන්ද්‍රකරගත් බහු ජාතික සමාගමක් වන මැක්ඩොනල්ඩ්ස් ආයතනයද පැටලී ඇති බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි.

මැක්ඩොනල්ඩ්ස් ව්‍යාපාරික ජාලයේ ඊශ්‍රායල් මෙහෙයුම්කරුවන් විසින් ඊශ්‍රායල් හමුදා සාමාජිකයන් ඉලක්ක කර විශේෂ වට්ටම් සහිත පැකේජ හඳුන්වා දී ඇති අතර, ඔක්තෝබර් 7 වනදා හමාස්වරුන්ගේ අනපේක්ෂිත ප්‍රහාරය ආරම්භවූ දිනයේ සිට මේවන තෙක් ආහාර පාර්සල් 100,000 කර ආසන්න සංඛ්‍යාවක් නොමිලේ බෙදා දී අති බව වාර්තාවේ. මෙම ආහාර සන්නද්ධ හමුදා සාමාජිකයන් අතර මෙන්ම විපතට පත් සාමාන්‍ය ජනයා අතරද බෙදාදී ඇතිබව එරට මක්ඩොනල්ඩ්ස් නියෝජිතයන් සමාජ මාද්‍ය ඔස්සේ සඳහන් කර ඇත.

එහෙත් කුවේට්, පාකිස්ථානය ඇතුළු තවත් රටවල් ගණනාවක් ඊශ්‍රායල් මැක්ඩොනල්ඩ්ස් නියෝජිතයන්ගේ ක්‍රියාකළාපයට එරෙහිව මව් සමාගමට කරුණු දක්වා ඇත. එහෙත් එම සමාගම සඳහන් කරනුයේ ලොව පුරා තම අලවිහල් 40,000 ක් පමණ පවතින බවත්, ඉන් 27,000 ඇමරිකාවෙන් පිට පවත්වාගෙන යන බවත්ය . එබැවින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මතුව තිබෙනා යුධ තත්ත්වය හමුවේ එම ආයතන දක්වන ප්‍රතිචාර පිළිබඳ තමන්ට වගකිව නොහැකි බවත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *