ඊශ්‍රායලයේ රැකියාවලට යන ලාංකිකයින්ට නිවේදනයක්

ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මේ බව සඳහන් කළේය.

ඊශ්‍රායල් පලස්තීන ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මේ තීරණයට එළඹි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එමෙන්ම ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය නම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඒ සඳහා අවස්ථාව පවතින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *