ඊයේ (19) දින රාත්රියේදී බොරැල්ලේදී පුද්ගලයෙකුට වැඩි තැබීමේ සිදුවීමක් වාර්තා වූ බව පොලීසිය පැවසීය. වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පැවසීය.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස 38ක් වන තොටළඟ නාගලගම් වීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි . ඔහු මීට දින කිහිපයකට පෙර මෙම ප්‍රදේශයේ මහල් නිවාසයකට කුළී පදනම මත පැමිණ ඇති බවත්, ඔහු ඉකුත් පස්වැනි දින බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ සිටින පුද්ගලයෙකු බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
තවද ඔහු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස ලේඛණගතව ඇති බවද වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කවීෂා විදානගමගේ