ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සකකාරිව වන ඉෂාරා සෙව්වන්දිගේ දැනුම සහ හැකියාව මේ රට ගොඩනැගීම වෙනුවෙන් යොදාගැනීමට හැකිවූයේනම් එය මොනතරම් වටිනා ක්‍රියාවක් වනු ඇත්දයි නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් විමසයි .
අපරාධයෙන් පසුව ඇය කාන්තාවක් විදිහට ගමන් කළ මාර්ගය ඇයගේ බුද්ධිමය හැකියාව පෙන්වන බව ඔහු පවසයි . එම ශක්තිය, දැනුම සහ හැකියාවන් රට ගොඩනැගීම වෙනුවෙන් දායක කරගත්තා නම් වැදගත් බවත් නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය. උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.