ඉෂාරාට නවතැන් දුන් මතුගම කාන්තාවත් රිමාන්ඩ්.

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ .

අදාළ කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලදි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූවේ මතුගම වැලිපැන්න පදිංචි 52 හැවිරිදි වියේ පසුවෙන කාන්තාවකි.