ඉවසන්න බැරි තරමට රාජපක්ෂලා මට වද දුන්නා – චන්ද්‍රිකාගෙන් සැර ප්‍රකාශයක්

රාජපක්ෂවරු පිරිමියෙකුටවත් ඉවසගන්න බැරි තරමට තමාට වද දුන්නා යැයි මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියා සිටියා.

තමන් පක්ෂය භාරදුන් පසුව ද ඉවසාගත නොහැකි ලෙස රාජපක්ෂවරු තමන් පීඩාවට පත් කළ බවත්, ඉන්පසුව ද කිසිදින නොලැබෙන තනතුරක් හිමි වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ද තමාගේ ජීවිතයට විවිධ ප්‍රශ්න ඇති කළ බවත් ඇය හෙළිදරව් කළා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනඥයන්ගේ උගත්කම සම්බන්ධයෙන් ද ඇය මාධ්‍ය හමුවේ දී විවේචන එල්ල කළ අතර අරගලය සදහා ඉදිරිපත් වුණේ නූගතුන් නොව උගතුන් බව ද කුමාරතුංග මහත්මිය පවසා සිටියා.