ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දුරකථන ඇමතුමකින් තමාට දැනුම් දුන් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසූවාය.හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂගේ සමිපතමයෙකුවන අනුරාධා යහම්පත් වියත්මග සාමාජිකාවක්ද වන්නීය.
නැගෙනහිර ආණ්ඩුකාර ධූරයට අමතරව සබරගමුව උතුරු හා වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයන්ද කඩිනමින් වෙනස් වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද ආණ්ඩුකාර වරුන් කඩිනමින් වෙනස් කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටිනා බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි
තුන් වැනි චාර්ල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වනුවස් බ්‍රිතාන්‍යට ගොස් සිටිනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරටට පැමිණි පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතය.