ඉරාන නැවියන් ගැන ජාත්‍යන්තර නීතියට පිටින් මුකුත් කරන්නේ නෑ .

ඉන්දීය සාගරයේ අනතුරට පත් යාත්‍රා දෙකකින් බේරාගෙන දැනට ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටිනා ඉරාන නාවිකයන් 240 දෙනා සම්බන්ධව ගන්න ඓදිරි පියවර කුමක්දැයි ඉන්දීය මාධ්‍යවේදිනියක් අමාතය් විජිත හේරත්ගෙන් විමසීය . ඇය මේ ප්‍රශ්ණය විමසූවේ නවදිල්ලියේ පැවැති රයිසිනා සංවාද සංසදය අතරතුරය .

එහිදී අදහස් දැක්වු අමාත්‍ය විජිත හේරත් පැවසූවේ ඉරාන නැවියන් නැවත එම රටට යැවීමේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කිරීමට බැදී සිටිනා බවයි . එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ අන්තර්ජාතික නීතියට අනුකූලව ශ්‍රී ලංකාව මෙම ප්‍රශ්ණයේදී කටයුතු කරනු ඇතිබව ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය .

කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දල්ක්වමින් පවසා ඇත්තේ ඉරාන යුද නෞකාවක් වන IRIS Dena නෞකාව මුහුදුබත්වීමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයන් සිය රටට නොයවන ලෙස එක්සත් ජනපදය කේබල් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකාවට බලපම් කර ඇති බවයි.