ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට ඇමරිකාව පහර දෙයි .

ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන ‘නතන්ස්’ (Natanz) පරිශ්‍රයට එල්ල වූ බව කියන ඇමරිකානු ප්‍රහාරයක දර්ශන වාණිජ චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී ඇතැයි අන්තර්ජාතික පර්යේෂණ ආයතනයක් ප්‍රකාශ කරයි.

අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් ආරම්භ වීමෙන් පසු ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට එල්ල වූ පළමු ප්‍රහාරය මෙය ලෙස සැලකේ.

විද්‍යා හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය පවසන පරිදි, කොලරාඩෝ හි ‘වැන්ටෝර්’ (Vantor) ආයතනය මගින් ලබාගත් ඡායාරූපවලින් නතන්ස් භූගත යුරේනියම් මධ්‍යස්ථානයට ඇතුළු වන ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල වී ඇති බව පෙනී යයි.

ප්‍රහාරයේ ස්වභාවය සහ හානිය පර්යේෂණ වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය ඉකුත් ඉරිදා පස්වරුවත් සඳුදා පෙරවරුවත් අතර කාලය තුළ සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණයේදී නතන්ස් පරිශ්‍රයේ ගොඩනැගිලි තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත

අනෙක් ගොඩනැගිල්ල එම භූගත ශාලාවලට වාහන ඇතුළු කළ හැකි එකම පිවිසුම් මාර්ගය ආවරණය කර තිබූ ගොඩනැගිල්ලයි.

මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථානය මීට පෙර පසුගිය ජූනි මාසයේදී ද අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව තිබූ අතර, මෙවර ප්‍රහාරය එල්ල වී ඇත්තේ එහි තිබිය හැකි යථා තත්ත්වයට පත්කළ හැකි යන්ත්‍රෝපකරණ ඉලක්ක කරගෙන බව වාර්තා වේ.