ඉරාන තානාපතිවරයාට පහරදී ඇති කොළඹ හතේ ව්‍යාපාරිකයෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුත්තයියා පාර ප්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයක රථගාලකදී මෙම සිදුවීම වාර්තා වනවා.
තානාපතිවරයා රථය ඇතුළු කරන අවස්ථාවේදී මෝටර් රථයක රියදුරෙක් තානාපතිවරයාට පහරදී මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
තානාපතිවරයා බොනට්ටුව මතට වැටී ඇති අතර තානාපතිවරයාද සමග මෝටර් රථය මීටර් 15ක් පමණ දුරට ධාවනය කර තිබුණා.