ඉරානය එපාවූ පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ඕස්ට්‍රේලියානු සරනාගත බව.

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් පස් දෙනෙකුට සරණාගත වීසා ලබා දීමට ඕස්ට්‍රේලියාව එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ආසියානු කුසලාන තරඟාවලියකදී මෙම ක්‍රීඩිකාවන් ඉරාන ජාතික ගීය ගායනා කිරීම ප්‍රතිෂේපකර ඇත . එම හේතුවෙන් නැවතත් ඉරානයට ගියහොත් ඔවුනට දඬුවම් ලැබිය හැකි බැවින් මෙලෙස වීසා ලබාදි ඇතිබව ඕස්ට්‍රේලියා බලධාරිහු පවසති .

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් සඳුදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, “ඔවුන් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට සාදරයෙන් පිළිගන්නා බවත්, ඔවුන් මෙහි ආරක්ෂිත බවත්, ඔවුන් මෙහි ගෙදර සිටින බව ඔවුන්ට දැනිය යුතු බවත්” ය.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව කණ්ඩායම් සාමාජිකාවන් පස් දෙනා නම් කළේ නායිකා සහරා ගන්බාරි, මැදපෙළ ක්‍රීඩකයින් වන ෆාතිමේ පසන්දිදේ, සහරා සර්බාලි අලිෂා, මොනා හමූඩි සහ ආරක්ෂකයා වන අටේෆේ රමේසානිසාදේ ලෙසයි.