ඉම්රාන් ඛාන් වසර තුනක් හිරේ

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නීතිවිරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් වරදකරු බව එරට අධිකරණය තින්දු කර ඇත. ඒ අනුව ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම කර ඇති අතර, නැගෙනහිර ලාහෝර් නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාකිස්ථාන අගමැති ධූරයට පත් 70 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා 2018 සිට 2022 දක්වා ඔහුගේ අගමැතිකම අනිසි ලෙස භාවිතා කරමින් විදේශ සංචාරවලදී ලැබුණු පාකිස්තාන රුපියල් මිලියන 140 කට (ඩොලර් 497,500) රාජ්‍ය සතු ත්‍යාග විකුණා ඇතිබව අධිකරණය ප්‍රකාශ කළේය.

“ඔහුගේ වංකකම සැකයෙන් තොරව තහවුරු වී ඇත,” විනිසුරු හුමායුන් දිලාවාර් තීන්දුවේ ප්‍රකාශයට පත්කරමින් පැවසීය. තුන් වසරක සිරදඬුවමට අමතරව රුපියල් 100,000ක දඩයක් (ඩොලර් 355) ඉම්රාන්ට පනවා ඇති අතර එය නොගෙවන්නේනම් තවත් මාස හයක සිර දඬුවමකට හිටපු අගමැතිවරයා යටත් කර ඇත .

ලාහෝර්හි පිහිටි ඔහුගේ නිවසේදී පොලිසිය ඛාන් අත්අඩංගුවට ගත් බව ඉම්රාන්ගේ නීතීඥ ඉන්ටෙසාර් පන්ජෝතා තහවුරු කළේය. තීන්දුව දේශපාලනික බවත් ඊට එරෙහිව මහාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බවත් ඔහු පැවසීය .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *