ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි

චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවසීය.

මෙතුවක් ඛණිජ තෙල් සංස්ථාවට පමනක් අදාලව තිබූ මිල සූත්‍රය භාවිත කරමින් සියලුම සමාගම්වලට බලපාන ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්, රටට ප්‍රතිලාභ අත්කරදෙමින් ඉන්ධන සැපයීමේ තරඟකාරීත්වයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට පෙර ඉන්ධන ආරක්ෂිත සංචිත පවත්වාගෙන යෑමට කටයුතු කර නොතිබුන මුත්. මේ වන විට පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන ලීටර් 30,000ක සංචිතයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබෙනා බව ඔහු පැවසීය. ඊට අමතරව එදිනෙදා වියදටම අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට අමතරව තවත් ඩොලර් මිලියන 60ක් අප කළමනාකරණය කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේ දී සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය පිළිබඳ තීරණය ගැනීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඊට අමතරව මුදල් අමාත්‍යාංශයත්, මහ බැංකුවත්, ජනාධිපතිතුමාත්, අමාත්‍යවරයාත් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය ඉවත් කරනවා ද එසේ නොමැති නම් කෝටාව වැඩි කිරීමක් සිදු කරනවාද කියා තීරණය කිරිමට නියමිතය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *