2025 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වූ මිල සූත්‍රය වත්මන් කළමණාකාරීත්වය විසින් විකෘති කර ඇති බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමියන්ගේ සංගමය (ULFTBOA) පවසයි . ඊට විරෝධය දක්වමින් අද (27) සිට ඉන්ධන ප්‍රවාහනයට යොදවන බවුසර් සංඛ්‍යාව අඩු කිරීමට තම සංගමය තීරණය කළ බව එහි සභාපති සුසන්ත ජයවර්ධන පවසයි .
ඊයේ (26) පස්වරුවේ මේ පිළිබඳව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ඉන්ධන බවුසර් සීමිත සංඛ්‍යාවක් පමණක් සේවයේ යෙදවීමට තම සංගමය තීරණය කර ඇති අතර ඉතිරිය සේවයෙන් ඉවත් කර ඇති බවයි.
තම සංගමය කොපමණ ඉල්ලීම් කළද බලධාරීන් ගැටළු වලට ප්‍රතිචාරයක් නොදැක්වීම මෙම ක්‍රියාමාර්ගයට යොමු වූ බව ඔහු එහිදී අවධාරණය කළේය .