ඉන්දියා මුදල් ඇමතිනිය තෙල් ටැංකි බලන්නත් ගිහින්.

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඊයේ (01) පස්වරුවේ ත්‍රීකුණාමල ප්‍රදේශයේ සංචාරයකට ද එක් වූ අතර, එහි දී ත්‍රිකුණාමල‍ය තෙල් ටැංකි සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

අද උදෑසන ඉන්දීය මුදල් අමාත්‍යවරිය කෝනේෂ්වරම් කෝවිලේ දී ආගමික වතාවත් සඳහා ද එක් විය.

මේ අතර, අද උදෑසන ත්‍රීකුණාමලයේ පිහිටි ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට ද ඉන්දීය මුදල් අමාත්‍යවරිය එක් වුණු බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *