ඉන්දියාවේ දුම්රිය අනතුරින් 207ක් මරුට

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය පුද්ගලයින් ගණන 207ක් දක්වා ඉහළ ගොස් පුද්ගලයින් 900කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

ඊයේ රාත්‍රී 7.00 පමණ ෂලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පිළී පැනීමකට ලක්ව එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දිශාවේ දුම්රිය මාර්ගයට වැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරුව එම මාර්ගයේ යෙස්වාන්පූර් සිට හොව්රා වෙත ධාවනය වෙමින් තිබූ සුපර් ෆාර්ස්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ මාර්ගයට වැටී තිබූ දුම්රිය මැඳිරිවල ගැටී අනතුරට ලක්ව ඇති අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්ද පසුව එම දුමිරියේ ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ පුද්ගලයින්ට ප්‍රතිකාරකිරීම සඳහා වෛද්‍යවරුන් 100කින් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් කැඳවා ඇති අතර, ගිලන් රථ 200කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට යොදවා ඇති බව වාර්තාවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *