පාකිස්ථාන තරුණියක් ජීවත්වීමට ඉන්දියානුවෙක් හදවතක් ලබාදෙයි

ඉන්දියානු ජාතිකයෙකුගේ හදවතක් පකිස්ථාන ජාතික තරුණියකට බද්ධ කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

චෙන්නායි නුවර පිහිටි රෝහලකදී මෙම සැත්කම සිදුකර තිබෙනවා.

මෙලෙස පකිස්ථාන ජාතික තරුණියකට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි වියේ පසුවුණු මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතක්.

රුපියල් ලක්ෂ 35කට වැඩි මුදලක් වැය වන මෙම සැත්කම වෛද්‍යවරුන් හා මූල්‍ය ආයතනයක් එක්ව නොමිලේ සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම හදවත් සැත්කම සිදුකර තිබෙන්නේ 19 හැවිරිදි වියේ පසුවුණු අයේෂා රෂාන් නම් තරුණියටයි.

ඇයගේ හෘදයේ පොම්ප කපාටයක සිදුවූ කාන්දුවක් හේතුවෙන් මෙම සැත්කම කිරීමට හේතුව වී තිබෙනවා.

ඇයව ජීවත්කිරීමට නම් සම්පූර්ණ හදවතක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් පැවසු නිසා ඇයට මෙම සැත්කම සිදුකර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සැත්කමට භාජනය වුණු එම තරුණිය ක්‍රමයෙන් ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බවයි.