ඉංග්‍රීසි මොඩියුලය ගැන වාර්තා දෙකක් ලබන සතියේ

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක නාමයක් (සබැඳියක්) ඇතුළත් කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂණයක් සිදුකරයි . එම පරීක්සණ වලට අදාලව ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනකුගෙන් මෙවන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එම පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු අංශයේ මොඩියුල ලියන ලේඛකයන්, ඒවා සමාලෝචනය කරන්නන්, සංස්කරණය කරන සහ සෝදුපත් කියවන නිලධාරීහු ඇතුළත් වෙති.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ මොඩියුල ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වන රංජිත් ආරියරත්න කමිටුවේ වාර්තාව බොහෝදුරට ලබන සතියේදී අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදෙනු ඇති බව වාර්ත වේ .