ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකුට මරු කැඳවූ පාකිස්ථාන ගුවන් ප්‍රහාරය ක්‍රිකට් ලෝකය කළබවයි.

පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රාහාරයෙන් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩයන් තිදෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 40 දෙනෙක් මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . මෙම ප්‍රහාරය තනිකරම සිවිල් වැසියන් ඉලක්ක කර සිදුවූවක් බවත්, ක්‍රිකට් තරගයක් නිමවීමෙන් පසු නිවසක රාත්‍රී ආහාරය ගනිමින් සිටි ක්‍රීඩකයන් තිදෙනෙක් එම ප්‍රහාරයෙන් මියගොස් ඇති බවත් එරට ක්‍රිකට් පාලක මණ්ඩළය තහවුරු කරයි .

සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරනා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (ACB) කබීර් ආගා, සිබ්ගතුල්ලා සහ හරූන් යන ක්‍රීඩකයන් තිදෙනා පාකිස්ථාන ගුවන් ප්‍රහාරයෙන් මියගොස් ඇති බව පවසයි . එම එම ක්‍රීඩකයන් තම රටේ ජාතික කණ්ඩායම නියෝජනය නොකළද දේශීය ක්‍රිකට් තරගාවලි‍ය සඳහා ක්‍රීඩාකරනා බව එම නිවේදනයේ කියවෙයි .

මෙම ප්‍රහාරයට විරුද්ධත්වය පල කරමින් ලබන මස පැවැත්වෙන පාකිස්ථානයද සහභාගීවන තුන්කොන් 20 – 20 තරගවලියෙන් ඇෆ්ගන්ස්ථානය ඉවත්වෙන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩළය පවසයි .

කෙසේ වෙතත් පාකිස්ථානය පවසනුයේ තම ප්‍රහාරය සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක් කර එල්ල කරනා ලද්දක් මිස, සිවිල් වැසියන් තම ඉල්ලක්කය නොවූ බවත් ය. එහෙත් ඇෆ්ගන් බලධාරීන් පවසනුයේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 170 ක් තුවාල ලබා 40 ක් මියගොස් ඇති බවය .