ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 40 කට මරු කැඳවමින් පාකිස්ථනය විසින් ඇෆ්ගන්ස්ථානයට එල්ලකළ ගුවන් ප්‍රහාරය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) සිය බළවත් කණස්සල්ල පලකර සිටී.
සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පැවසුවේ ගුවන් ප්‍රහාරයකින් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් ඇතුළු සිවිල් වැසියන් රැසකට මරු කැඳවූ මෙම ප්‍රහාරයෙන් තමන් තැතිගැන්මට ලක්ව සිටිනා බවය . මෙම සිදුවීම හෙලා දකිනා බවත්, මෙම කණගාටුදායක අවස්ථාවේ ICC ය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් එම නිවේදනය පවසයි .