ඇසළ පෙරහැර සාර්ථකව නිම කිරීමේ සංදේශය අද ජනපති අතට

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) රාත්‍රියේ වීථී සංචාරය කිරීමෙන් අනතුරුව සාර්ථකව නිමා විය.

ඇසළ පෙරහැර මංගල්‍යයේ දියකැපීමේ චාරිත්‍රය අද (31) උදෑසන මහවැලි නදියේ ගැටඹේ තොටේ දී සිදුකෙරින. දියේ කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව සිව්මහා දේවාල පෙරහැර මහනුවර ඝණදෙවි කෝවිලට පැමිණ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අද දහවල් පෙරහැර සඳහා එකතුවීමට නියමිතව තිබේ.

අද දහවල් පෙරහර මංගල්‍යය අවසානයේ පෞරාණික චාරිත්‍ර වලට ගරු කරමින් පෙරහැර සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය අද පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී සාම්ප්‍රදායානුකූලව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාරදීමට නියමිතය.

දහවල් පෙරහර නිම වීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රමුඛ මහා සතර දේවාල සහ පිරිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහැර සංදේශය රැගෙන පෙළහරින් ජනපති මැදුර වෙත ගමන් කොට ඇසළ පෙරහැර මංගල්‍යය නිලවශයෙන් නිමාවට පත් කිරීමේ සංදේශය ජනපතිවරයාට භාරදීමෙන් පසුව පෙරහැර මංගල්‍යය අවසන් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *