ඇමරිකාවෙන් ගාසා තීරයට පාවෙන වරායක්

ගාසා වෙරළට ඔබ්බෙන් තාවකාලික වරායක් ඉදිකිරීමට ඇමරිකාව තීරණය කර ඇත. ඊට අවශ්‍ය උපකරණ රැගත් ජෙනරල් ෆ්‍රෑන්ක් එස් බෙසන් නම් ආධාරක නෞකාව ඊයේ (සෙනසුරාදා) වර්ජිනියා ප්‍රාන්තයෙන් පිටත්වූ බව බී.බී.සී වෙබ් අඩවිය වාර්තා කරයි.

තාවකාලික වරායක් කඩිනමින් ඉදිකිරීම මගින් එක්සත් ජනපදය මුහුදු මාර්ගයෙන් ගාසා තීරයට ආධාර ලබා දෙන ආධාර වඩාත් කඩිනමින් ගාසා තීරය වෙත ලබාදිය හැකිබව ජනාධිපති ජෝ බිඩෙන් මීට පෙර පවසා තිබුනි. ප්‍

ගාසා තීරයේ සාගතය “නොවැළැක්විය හැකි” බවත්, දරුවන් කුසගින්නෙන් මිය යන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කිහිප විටක් අනතුරු අඟවා තිබුනි. ගොඩබිමින් ගෙන යන ආධාර අවස්ථා ගණන්නකදී කොල්ල කෑමට ලක්වූ අතර ගුවනින් ආධාර බෙදාහැරීම දුෂ්කර හා භයානක බව තහවුරුව වී ඇත.

පසුගිය සිකුරාදා, ආහාර පාර්සල් සහිතව හෙළන ලද පැරශූටයක් නිසි ලෙස විවෘත නොවීම නිසා එයට යටවු පස් දෙනෙක් මිය යෑමත් සමහ ගුවණින් අහාර හෙළිම ගැන නැවත සළක බැලීමට සිදුව ඇති බව ලෝක ආහාර වැඩසටහනේ ප්‍රකාශකයෙක් එම වෙබ් අඩවියට පවසා ඇත.

ගාසා තීරයට “අත්‍යවශ්‍ය මානුෂීය සැපයුම් ලබා දීම සඳහා තාවකාලික තොටුපළක් පිහිටුවීමට යුධ සෙබළුන් 1000 එක්ව සිටිනා බවත්, දින 60 කදී මෙම පාවෙන වරාය සද නිමකළ හැකිබවත් පෙන්ටගනය පවසා අත. කෙසේ වෙතත් ගාසා තීරයේ සාගතයෙන් පෙළෙනා දරුවන්ට දෙමසක් බලාසිටීමට නොහැකි බව මානුෂීය මෙහෙයුම්වල නියුතු සේවකයෝ පවසති .

මේ අතර, ආහාර ටොන් 200ක් පටවාගත් ආධාර නෞකාවක් අද උදෑසන සයිප්‍රසයෙන් පිටත් විමට නියමිත ඇතිබව වාර්තාවේ.