ලොව පුරා කතෝලිකයන් ප්‍රමුඛ සාමකාමී ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනා අන්තවදීන්ට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයෙන් සිදුකරනා මැදිහත්වීම අගය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන විසින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට සංදේශයක් බාරදී ඇත .
අහිංසක සිවිල් ජනතාවගේ ජීවිත බිලි ගනිමින් කුඩා දරුවන් හා කාන්තාවන් මරණයට පත් කරමින් අන්තවාදී කණ්ඩායම් විසින් නයිජීරියාව හා වෙනත් ස්ථානවල ත්‍රස්ත කණ්ඩායම් ලෙස සංවිධානය වී ඇති අතර එම ත්‍රස්ත කණ්ඩායම් විනාශ කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් අවශ්‍ය කරන දේශපාලන නායකත්වය ලබා දෙමින් සිටී.
ඒ ඔස්සේ අහිංසක ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කිරීම වෙනුවෙන්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තම ගෞරවණීය ස්තුතිය හා ප්‍රණාමය පුදකිරීම අරමුණු කරගත් සංදේශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධනන විසින් යොමු කර තිබේ.
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ඊයේ (07) දින පැමිණි මන්ත්‍රීවරයා එහි දේශපාලන අංශ ප්‍රධානී ඇඩම්ස් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය හමුවී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක සාමය සඳහා ගන්නා වූ උත්සාහය හා කැපවීම අගය කිරීමටද පියවර ගෙන තිබේ.
තවද ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වය වර්ධනය කර ගනිමින්, අනාගතයේදී පුළුල් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා සහ මෙරට ඇමරිකානු තානාපති කාර්යාල නිළධාරීන් අතර අදහස් හුවමාරු වී තිබුණි .
ශ්‍රී ලාංකාවේ කතෝලික ජනතාව ඉලක්ක කර ගනිමින් 2019.04.21 වන දින කතෝලික දේවස්ථාන, ක්‍රිස්තියානි දේවස්ථාන හා තරු පහේ හෝටල් තුනක් වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී ශ්‍රී ලාංකික ජනතාව හා විදේශ සංචාරකයින් ඇතුළුව 370 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූ අතර 500 කට ආසන්න පුද්ගලයින් පිරිසක් තුවාල ලැබීය.
