ඇමති ටිරාන් අලස්ට මරණ තර්ජන

පෝය දෙකක් යන්නට පෙර ඝාතනය කරනා බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට පාතාල කල්ලි සාමාජයෙකුගෙන් තර්ජන එළවී තිබේ. මෙම තර්ජනය එල්ලවී ඇත්තේ අද දිනයේ පැවති ‘ස්ථාවර රටක්’ මාධ්‍ය හමුව අවසා අවසානයේදීය.

අදාළ දුරකථන සංවාදයේ හඬ පටයද ඔහු එහිදීම මාධ්‍ය වෙත නිකුත් කරන ලදී. සාකච්ඡාව අවසානයේ අමුත්තන් ගේ කාමරයේ පැවති තේ පැන් සාදය අතර තුර මෙම දුර කථන ඈමතිම ලැබී ඇත. මධ්‍යහන 12.08ට ටිරාන්ගේ දුරකතනයට ආ ඇමතුමකට අමාත්‍යවරයා ආවේගශීලී ලෙස විසින් පිලිතුරු දෙන ආකාරය දෙස සියලු දෙනා කෘතුහලයෙන් බලා සිටින බව දුටු ඔහු සිය දුරකථනයේ ස්පීකර් ඔන් කළ අතර එහි සිටි අමාත්‍ය කාර්ය මණ්ඩළ මිළධාරියෙක් විසින් එය පටිගත කර මාධ්‍යට ලබාදි ඇත.

තමාට කුමණාකාරයේ තර්ජන සිදුකළත් පාතාලය සහ මත්ද්‍රව්‍ය මඩිනා සටන නතර නොකරන බව අමාත්‍යවරයා එහිසිටි සැමදෙනා හමුවේ පවසන ලදි.