කැළණිවැලි තේ වතු සමාගමට අයත් සියළුම තේ වතු වල නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සඳහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා උපදෙස් දී ඇති බව වාර්තා වනවා.
එම වතු සමාගමට අයත් නානුඔය උඩ රදැල්ල වතුයායේ වතු පාලන අධිකාරිය විසින් තේ ගස් ගලවා කෝපි වගාව සිදු කිරිමට තිරණය කර බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඉකුත් මස කටයුතු කරමින් සිටියදි එයට විරෝධය පලකලා එම වතුයායේ වතු කම්කරුවන් කිහිපදෙනෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙනවා.
එම සාකච්ඡාවට පැමිණිලි පාර්ශ්වය , වතු පාලන අධිකාරිය සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා සහභාගි වි ඇති අතර , එහිදි වතු පාලන අධිකාරිය තාවකාලිකව වැඩ තහනම් කලා වතු කම්කරුවන්ට වැඩ ලබාදිමට එකඳතාවය පල නොකිරිම මත එම සාකච්ඡාවඅවසන්ව ඇති බව වාර්තා වනවා.
එයට විරෝධය පාමින් එම වතු සමාගමේ සියළුම වතු වල නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සදහා රැගෙන යාමට ඉඩ ලබානොදෙන ලෙස එම වෘත්තිය සමිතියේ සියළුම සමාජිකයන්ව අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා විසින් දැනුවත් කර තිබෙනවා.