ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහායෙන් ආරම්භ කර තිබේ .
මේ අනුව සිය ධීවර යාත්‍රාවලට අවශ්‍යය ඇමරිකානු තත්ව සහතික ලත් ගුණාත්මක ලිහිසි තෙල් නිෂ්පාදන ධීවර වරාය පරිශ්‍රයෙන්ම මිළට ගැනීම ධීවර කාර්මිකයන්ට දැන් හැකිවාව ලැබේ.
මෙහි මුල් පියවර අද දික්ඕවිට ධීවර වරායෙන් ආරම්භ කරන ලද අතර, ඉදිරියේදී රට පුරා පිහිටුවා ඇති ධීවර වරාය 25ක් ආශ්‍රිතව විශේෂයෙන් බහුදින ධීවර යාත්‍රා සදහා අවශ්‍ය ලිහිසි තෙල් ධීවර ප්‍රජාවට සහනයක් වන අයුරින් ලබාදීමට සැළසුම් කර ඇත.
දිකෝවිට දීවර වරායේ පැවති මෙම වැඩ පිළිවෙලේ ආරම්භක අවස්ථාවට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, සාගර ජලජ සම්පත් සහ ධීවර කටයුතු පිළිබද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙසේකරන් ද එක්විය .
එහිදී අදහස් දැක් වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා “රජයේ ආයතන හරහා ලැබෙන ලාභය පෙරලා ජනතාවට සහන සැළසීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම සදහා වැයකරන බව පැවසීය. ධීවර ප්‍රජාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය නිශ්චිතවම ධීවරයාටම ලැබෙන බවට සහතික කෙරෙන වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස්කරන බවද ඒ හා ආශ්‍රිතව සිදුවන අයතා ගණුදෙනු වැලැක්වීමට පියවර ගන්නා බවද පැවසීය.