ඇමති කියන විදියට විදුලි බිල අඩුකරන්න බෑ – ලංවීම කියයි

පවතින විදුලි ගාස්තු සියයට 18 කින් අඩු කළ හැකි බවට බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශය නොතකමින් විදුලි ගාස්තු අඩුකළ හැක්කේ 14% කින් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) දැනුවත්කර ඇතිබව වාර්තා වේ.

විදුලිබල මණ්ඩළයටද පාඩු සිදු නොවනා ආකාරයෙන් සැලකිවයුතු ගාස්තු අඩු කිරිමක් සිදුකර ඇතිබවත්, සමස්ත පාරිභෝගික කාණ්ඩයට සහනයක් ලබාගත හැකි පරිදි මෙම සංශෝධිත ගාස්තු යෝජනාව සකස් කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.