ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී නීතිඥවරයකුට පහරදුන් බවට වන චෝදනාවට රිමාන්ඩ් බාරයට පත් කර සිටි පොලිස් කොස්තාපල්වරයා අද ඇපමත මුදාහරින ලදි . ගල්කිස්ස අධිකරණය විසින් ඇප මත මුදා හැරීමෙන් පසු අධිකරණයෙන් පිටත රැඳී සිටි විශාල ජනතාවක් විසින් ඔහු ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගෙන ඇත .
ඇපලැබූ පොලිස් නිළධාරියා පිටතට පැමිණෙත්ම මල් කළඹක් දී ඔහු පිළිගත් පිරිස අධිකරණ භූමියෙන් පිටතට ඔහු ඔසවාගෙන පැමිණෙන ලදි .
පොලිස් නිලධාරීන්, නීතිඥවරුන් සහ සාමාන්‍ය ජනතාවගෙන් සමන්විත දැවැන්ත පිරිසක් එලෙස ඔහු පිළිගැනීමට පැමිණ සිටිනු දැකගත හැකි වූ අතර එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනයේ විධායක අධ්යක්ෂ සුභාෂණ සුභවික්රම පැවසූවේ මෙම පොලිස් නිළධාරියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියියේදීත් තම ආයතනය පෙනී සිටින බව පැවසීය