ආයුර්වේද වෛද්‍යවරුත් DAT දිමනාව ඉල්ලති.

බටහිර වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35000ක DAT දිමනාව ලබා ගැනීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) දහවල් පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් මරදාන-පුරහල මාර්ගය අවහිරවී වාහන තදබදයක්ද ඇති විය.

තමන්ට අයත් වෛද්‍ය දීමනාව වහා ලබාදෙන ලෙස සහ රජයේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ පුරප්පාඩු සඳහා වෛද්‍යවරුන් වහා බඳවාගන්නා ලෙස ඉල්ලමින් එහිදී ආයුර්වේද වෛද්‍යවරු විරෝධතාවයෙහි නිරත වූහ.

කවීෂා විදානගමගේ