ආපදා සඳහා වන්දි ගෙවන්නට ගොස් ප්‍රාදේශීය ලේකම්ලා අසරණ වෙති .

ආපදා තත්වය හේතුවෙන් හානියට පත් නිවාස සහ නාය යෑමේ අවදානමට ලක්ව ඇති නිවාස සම්බන්ධයෙන් වන්දි මුදල් ලබා දීමේදී මැති ඇමතික්වරුන් කරනා පරස්පර ප්‍රකාශ සහ රජයෙන් නිසි මාර්ගෝපදේශයක් ලබානොදීම නිසා ප්‍රදේශීය ලේකම්වරුන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව වාර්තා වේ.

එම තත්ත්වය සැලාකිල්ලට ගෙන වන්දි මුදල් ලබා දීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මොනවාදැයි එක් එක් හානිවලදී ලබා දිය යුතු වන්දි මුදල් කෙසේද යන්න සඳහන් කර මාර්ගෝපදේශ කඩිනමින් නිකුත් කරන ලෙසත් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇත .

2026 ජනවාරි 12 වැනිදා අදාළ ලිපිය යොමු කර ඇති අතර එම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට, විගණකාධිපතිවරයාට හා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යව ඇත .