ආපදා මරණ තව දුරටත් ඉහළට .

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (07) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව අතුරුදහන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 190 කි . පවුල් 611,530 කට අයත් පුද්ගලයින් 2,179,138 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව දිස්ත්‍රික්කයකින් වාර්තාවන වැඩිම මරන සංඛ්‍යාව 232 කි. එය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 35ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇත.

එමෙන්ම පවුල් 27,663ක පුද්ගලයින් 89,857ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.