පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වයට අදාලව නිකුත්කර ඇති නිල සංඛ්‍යා ලේඛන වැරදි බවත්, ඇතැම් මරණ නිසි ලෙස ගණනය කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහකාර නායක අකිල විරාජ් කාරියවසම් අද (02) ප්‍රකාශ කළේය. අදාල නිල මරණ සංඛ්‍යාව 400 ඉක්මවා ගියද, තව තවත් මරණ වාර්තා වන බැවින් එම සංඛ්‍යාව නිවැරදි විය නොහැකි බව හෙතෙම සඳහන් කළේය.
“තුල්හිරිය ප්‍රදේශයේ පමණක් වාහන 21ක් පමණ ගසාගෙන ගොස් ඇති අතර, කුරුණෑගල වැනි ප්‍රදේශවලින් ද ඒ හා සමාන වාර්තා ලැබෙමින් තිබෙනවා. එබැවින්, ලබා දී ඇති නිල සංඛ්‍යා ලේඛන නිවැරදි විය නොහැකි බව ස්ථිරයි” ඔහු අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වූ එජාප සහකාර නායකයා, “ජීවිත හානි, තුවාල ලැබූවන් සහ හානියට පත් වූ දේපළ පිළිබඳ නිවැරදි තක්සේරුවක් සිදු කිරීම අත්‍යවශ්‍යයි” පැවසීය.