ආපදාවෙන් 1000 ක් මියගිය බව කියන්නේ බලයට කෑදර මන්ත්‍රීවරයෙක්

සුළි කුනාටු ආපදාවෙන් දහසක් මියගිය බවට කෑ ගසන මන්ත්‍රීවරයා බලය පිළිබඳව ආසාවකින් පෙලෙන බව ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යංශය වැය ශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදු කරන ලද කථාව ඉලක්ක කරමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා එම පුද්ගලයා අමාත්‍යවරයෙකුව සිටින කාලයේ ශ්‍රී ලංකන් එයාර් ගනුදෙනුවක් අවසන් කිරීම සඳහා ඩොලර් මිලියන 120ක ගෙවීමට සිදුවූ බව පැවසීය.

එමෙන්ම ඔහුගේ බෑනාට හන්තාන ප්‍රදේශයේ රජයේ ඉඩමක් අඩු මුදලකට බදු දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට දන්වන බවත් ජනාධිපතිවරයා පැවසීය .

මෙවර ආපදා අපට අරමුදල් එකතු කිරීම සඳහා පත් පත් නම් කර ඇති ගිණුම තවදුරටත් පවතින්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ පැවසූ ඔහු කමිටුවක් පත්කර ඇත්තේ ඒ සඳහා මුදල් එකතු කිරීමට බවද කියා සිටියේය.

මෙම අර්බුදයෙන් ගොඩයාම සදහා අවම වශයෙන් වසර තුනක කාලයක් යන බවත් ඒ සදහා වන විශේෂ විධිවිධාන පනතක් සම්ම කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.