මවුපියන් ආදර සම්බන්ධතාවට අකැමැති වුණැයි වේදනාව නිසා පෙම් යුවළක් රම්බොඩ ගැරඬිඇල්ල දිය ඇල්ලෙන් පහළට පැනීම නිසා තුවාල ලබා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දාහත්වන වියේ පසුවන මේ දෙදෙනාගේ ආදර සම්බන්ධතාවට දැරියගේ නිවෙසින් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
මොවුන් රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයට ගොස් එම දිය ඇල්ලේ ඉහළට ග්ප්ස් දිය ඇල්ලෙන් පහළට පැන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
දිය ඇල්ලෙන් පහළට පැන්න ද තරුණයා ජීවිතක්ෂයට පත් නොවී තුවාල පමණක් සිදුව තිබු නිසා ඔහු දිය ඇල්ලෙන් ඉතා අපහසුවෙන් ඉහළට පැමිණ අවට ප්‍රදේශවාසීන්ට සිද්ධිය පවසා තිබෙන අතර ප්‍රදේශවාසීන් දිය ඇල්ලෙන් පහළට බැස බරපතළ තුවාල ලබා සිටි ඇය ගොඩට ගෙන දෙදෙනාම මෙසේ රෝහල් ගත කර ඇති බව සඳහන්.