යෝජිත ගෙවල්කුළි පනත ඒ ආකාරයෙන් සම්මත කළහොත් රටේ නීතිය මුළුමනින්ම විකෘති වී නීතිය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙනා බව හිටපු අධිකරණ ඇමති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි .
යෝජිත නව පනත මගින් යම් දේපළක පුද්ගලයෙකු නීති විරෝධීව පදිංචිව සිටියද ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙයි . එහෙත් එම දේපොළේ නීත්‍යානුකූල හිමිකරුට එවැනි ආරක්ෂාවක් නොලැබෙන බව හිටපු ඇමතිවරයා පෙන්වාදෙයි.
මෙය විශාල විකෘතියක් බවත්, ඉන් ජනතාව කබලෙන් ළිපට වැටෙන බවත් පෙන්වා දෙන හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ, මෙම පනත නිසා නීත්‍යානුකූලව පවා පදිංචිකරුවන් ඉවත්කරගත නොහැකි තත්ත්වයක් අනාගතයේදී උදාවන බව පවසයි .