ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තොරතුරු සඟවයි

විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයාගේ නාමයෝජනා සම්බන්ධයෙන් ලබා දී ඇති තීරණය සම්බන්ධයෙන් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ විස්තර ඉල්ලා සිටි පාර්ශවයන්ට එකී තොරතුරු ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මුළු සාමාජිකයන් සංඛ්‍යාව මෙන්ම හමුදා නිලධාරි ඕ. ආර්. රාජසිංහගේ නාමයෝජනාවට පක්ෂව, විරුද්ධව හෝ ඡන්දය දීමෙන් වැළකී සිටි සාමාජිකයන්ගේ නම් පිළිබඳ විස්තර නීතිඥ අසාත් ආතම් ලෙබ්බේ විසින් තොරතුරු දනගැනිමේ පන්ත යටතේ ඉල්ලා සිට ඇතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තොරතුරු නිලධාරියා ප්‍රකාශකර ඇත්තේ මුළු සාමාජිකයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ තනතුරු පිළිබඳ තොරතුරු දැනටමත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි.

ඊට අමතරව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 5(1)(g) වගන්තිය ප්‍රතික්ෂේප කිරීම සඳහා පදනම ලෙස උපුටා දක්වමින්, හමුදා නිලධාරි ඕ. ආර්. රාජසිංහට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දුන් සාමාජිකයන්ගේ නම් හෙළිකිරීම කවුන්සිලය ප්‍රතික්ෂේප කර ඇත.