රට තුළ ආගමික සහජීවනය කඩාකප්පල් කරන ආකාරයට කටයුතු කරන පුද්ගලයන් පිළිබඳ විමර්ශන සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වේ
පසුගිය දිනවල සිදු වූ ඇතැම් සිදුවීම් හා ඒවා සමාජ ජාල වලට මුදා මුදාහැරීම සම්බන්ධයෙන් ද මේ පිටුපස වෙනත් කණ්ඩායමක් සිටීද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසද පොලිස්පතිවරයා වැඩි දුරටත් උපදෙස් ලබාදී ඇත. මෙම නියෝගය අනුව දැනටමත් අදාල විමර්ශනයන් පැති කිහිපයක් ඔස්සේ සිදුවෙමින් පවතී.