තම ආණ්ඩුව හැමදාම අස්වැසුම බෙදන්න පැමිණ නැති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. එමෙන්ම අස්වැසුම මෙතරම් ප්‍රමාණයක් බෙදුවා කියමින් එය දේශපාලන සටන් පාඨයක් බවට පත්කර ගැනීමට තමන්ට වුවමනාවක් නැති බවද ඔහු සඳහන් කරයි.
නිශ්චිත වැඩපිළිවෙලක් සැලැස්මක් ඇතිකර අස්වැසුම අවසන් කළ යුතුව ඇතැයිද පවසන ඔහු අස්වැසුම ලැබෙනවා කීමට සමාජයක් ලෙස ලැජ්ජා විය යුතු බවත් අස්වැසුම ලබා ගැනීම නීත්‍යානුකූලව හිඟා කනවා වැනි දෙයක් බවත් ඔහු පැවසීය. උත්සව අවස්ථාවකද් හෙතෙම මෙම අදහස් පළ කළේය.