අවුන්සාන් සුකීගේ දඬුවම් කාලය අඩු වෙයි

78 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුකීට එරෙහිව එරට හමුදාව විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහකට සමාව ලැබී තිබේ.

ඇගේ දඬුවම් කාලය වසර 33ක සිර දඬුවම වසර හයකින් අඩු කෙරෙයි.කුමන්ත්‍රණයක් හරහා සිය ධුරයෙන් නෙරපා දැමුණු පසු 2021 පෙබරවාරි මාසයේ සිට හමුදාව විසින් රඳවා තබාගෙන සිටියි.

පසුගිය සතියේ සිට අවුන්සාන් සුකී මහත්මිය සිරගෙදර සිට Nay Pyi Taw අගනුවර නිවාස අඩස්සියේ තැබීමට තීරණය කෙරිණි.

පසුගිය 2016 මහ මැතිවරණයේ දී රටේ මුළුමහත් ආසන සංඛ්‍යාවෙන් සියයට 77ක් ජයග්‍රහණය කළ ද, එරටේ ජනතාව විසින් ‘සුකී අම්මා’ යනුවෙන් හඳුන්වනු ලබන මෙම නායිකාවට ජනාධිපති ධුරය හිමි නොවූයේ ඇගේ පුතුන් දෙදෙනා මියන්මාරයේ නොව බ්‍රිතාන්‍යයේ පුරවැසියන් වීම හේතුකොටගෙන ව්‍යවස්ථා සංශෝධන මගින් එම අයිතිය ඇගෙන් පැහැරගෙන ඇත.

78 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුකී, කුමන්ත්‍රණයක් හරහා සිය ධුරයෙන් නෙරපා දැමුණු පසු 2021 පෙබරවාරි මාසයේ සිට හමුදාව විසින් රඳවා තබාගෙන ඇත.

එම කුමන්ත්‍රණය රට තුළ සිවිල් යුද්ධයක් ඇති කළ අතර, දහස් ගණනකගේ මරණයට ද හේතු විය.

අවුන්සාන් සුකීට එරෙහිව ඇති චෝදනා, එරට හමුදා විසින් මෙහෙයවන ලද නඩුවලදී විභාග වූ ඒවා වන අතර, ඇතැම් මානව හිමිකම් කණ්ඩායම් මෙම නඩු විභාගයන් හෙළාදැක ඇති බව ද වාර්තා වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *