අවසන් කම්කරු ඇමති මනුෂ ?

එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය මාළිගාවත්ත පොලිසිය අසල ප්‍රදේශයේ දී පැවැත්වෙන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ අභිමානවත් රටක් ගොඩනැගීම ඒ සමග ඇරඹෙන බවයි.

මෙම කම්කරු දිනය කම්කරුවා යන වචනය පාවිච්චි කරන අවසන් වසර බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා. නව කම්කරු පනතක් හඳුන්වා දීමට නියමිත අතර එය රැකීරක්ෂා පනත ලෙස හැඳින්වෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව තම අමාත්‍යංශයත් රැකීරක්ෂා අමාත්‍යංශය ලෙස වෙනස්වන බවයි ඔහු සඳහන් කළේ.

සියලුම වැඩ කරන ජනතාව අර්ථසාධක අරමුදලට දායක කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහිදී කියා සිටියා.