අලි – මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ලබාදෙන තෙක් 10,000 ක පිරිසක් යොදවා හෝ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය . අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමිනි.
ගැටුමට තාවකාලික විසඳුම් ලෙස ජංගම මුරකුටි, වාහන මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් හෝ යොදවා අලි උවදුරින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය නිළධාරීන් ප්‍රමාණය කොපමණදයි දන්වන ලෙසත් ඔහු එහිදී පැවසීය.
දැනට සිවිල් ආරක්ෂකයන්ට හා 1,025ක් පමණ ලබා දීමට හැකි බවත්, මැදියම් රාත්‍රියේ පමණක් නොවෙයි උදෑසන හතට පමණද අලින්ගෙන් ජනතාවට හිරිහැර සිදුවන බවත් ඔහු සඳහන් කළේය .
තමන්ට කොපමණ අනතුරු සිදුවූවත් වුවත් අලින්ට හිරිහැරයක් කිරීමට ගැටුමට කැදුවුන ජනතාවට අවශ්‍ය නැතිබව පෙන්වාදුන් අමාත්‍යවරයා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාම සොයා ගන්නා දේ අලි උවදුරින් එක රැයින් විනාශ වීම තවදුරටත් නොවිය යුත්තක් බව පැවසීය.