ඊයේ පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාර් පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරි අධිකරණයට ඉදිරිපත්කරන ලදුව ඇප මත මුදා හැර ඇති බව වාර්තාවේ .
අත් අඩංගුවට ගන්න ලද අවස්ථාවේ ඇය මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදීසිට ඇත .
2017 පෙබරවාරි 17 වන දින නීත්‍යනුකූල මුල් පදිංචියක් නොමැතිව අංක GZ–6889 දරණ මෝටර් රථයක් නීත්‍යනුකූල නොවන ලෙස පැවරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවට ඇයට චෝදනා එල්ල වී ඇත .