අල්ලන කුඩු පුච්චන්නේ නැත්තේ ඇයි? මෛත්‍රි ප්‍රශ්න කරයි.

මත්කුඩු අල්ලන නමුත් ඒ කුඩු වලට කරන්නේ කුමක්දැයි නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසු ගිය වසර හතරේ අල්ලන ලද කූඩු වලට කළේ කුමක්දැයි ඇසූ හිටපු ජනාධිපතිවරයා එම කුඩු පුච්චන්නේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසූයේ මත්කුඩු පුළුස්සන යන්ත්‍රයක් වනාතවිල්ලුවේ ස්ථාපිත කර ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග සඳහා සාම්පල ලබාගෙන එදිනෙදා අල්ලන කුඩු එදිනෙදාම පුළුස්සා දැමීමට දැන් හැකියාව ඇති බවයි.ඒ වැඩ පිළිවෙළ පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා කීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *