අය වැය සෑදීමේදී මීට වඩා සැළකිළිමත් විය යුතුව තිබුනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අද සාකච්චාවක් පැවැත්වීය . ඉන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ඔහු 2026 අයවැය යෝජනා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර සකස් කළ යුතුව තිබූ බව පැවසීය .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය. “දේශපාලන සම්බන්ධතා ඇති අයගේ අවශ්‍යතා පමණක් නොව, සියලු අංශ සලකා බලා අයවැය සකස් කළ යුතුව තිබුනා . පෙර අයවැය යෝජනාවල දී දුන් පොරොන්දු ඉටු කිරීමට මේ ආණ්ඩුවට තවමත් හැකිවෙලා නෑ . නිසි කළමනාකරණයක් නැති කමින් අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇතිවිය හැකියි . ”