අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් පැය 72 තුළ පුද්ගල මරණ 46 ක් වාර්ත වී ඇත .
ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා මරණ 46ක් දක්වා ඉහළගොස් ඇති බව. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. ඊට අමතරව තවත් පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි .
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී.
නිවාස 04 කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666 කි.